Tuesday, December 20, 2011

ඔබට

ඔය ආඩම්බර කාර මුණ එක පාරක් බලා ගන්න හැමදාම වගේ අදත් මම ආවා. කිසිම දවසක මට පේන්න එන්නේ නැති ඔයා දිහා මම ඔයාට හොරන් බලාගෙන ඉන්නවා කියලා ඔයා දන්නවනම්..
මට අහිමි වෙන බව දැන දැනත් ඔයාට මම පුදුම විදියට ආදරේ කරනවා කියලා ඔයා දන්නවනම්. ඒ මොනවා නැතත් මම ඔයා වෙනුවෙන් සිතිවිලි නැති සිත ලියනවා කියලා ඔයා දන්නවානම්..


එක පාරක්හරි ඔයා මේ දේවල් කියවයි කියලා මම හීන දකිනවා මහත්තයෝ...

Saturday, December 17, 2011

නුඹේ මතකය මතින්





නෙතු පියාන සිටින්නම් 
අවදි කරන් සිත
නුඹ ඇවිත් රහසින්
සිප ගනියි වත

ආදරේ මුමුණමින් 
කිති කවයි හිත
නිදමි තුරුලේ මම 
තනිව සිතිවිලි ලඟ

සිප ගතිමි ඔය හිස
වින්දෙමි සුවඳ 
විලවුන් සුවඳ
තනිවෙලා කොට්ට උරය මත